brand logo

ආසාදිතයින් වැඩි වීම ඇමරිකාවට ගෞරවයක්

21 May 2020

ලෝකයේ කොරෝනා ආසාදිතයින් වැඩිම ගණනක් වාර්තා වන රට වන්නේ ඇමෙරිකාවයි. එම සංඛ්‍යාව මේ වනවිට මිලියන 1.5 ඉක්මවා තිබේ. මෙය සතුටු වීමට කාරණයක් ලෙස නොසැලකුණත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දෙන්නේ එක අතකින් එය ගෞරවනීය තත්ත්වයක් බවයි. ඇමෙරිකාවේ මේ තරම් ආසාදිතයින් හමුවීමට හේතුව එරට ආසාදිතයින් හඳුනාගැනීම සඳහා කරන පරීක්‍ෂණ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගැනීම බව ට්‍රම්ප්ගේ තර්කයයි. පසුගිය සතිය තුළ දිනකට පරීක්‍ෂණ ලක්‍ෂ 3-4 අතර සංඛ්‍යාවක් සිදු කර ඇති බව වාර්තා වෙයි. අඟහරුවාදා (19) වනවිට ඇමෙරිකාවේ කර තිබූ සමස්ත පරීක්‍ෂණ සංඛ්‍යාව මිලියන 12.6 ක් බව එරට රෝග පාලනය පිළිබඳ මධ්‍යස්ථාන නැමැති ආයතනය සඳහන් කර තිබේ. ලෝකයේ වැඩිම පරීක්‍ෂණ සංඛ්‍යාවක් කළ රට එය වුවද ජනගහනයට සාපේක්‍ෂව පරීක්‍ෂණ සංඛ්‍යාව අතින් ඉදිරියෙන් සිටින්නේ ඇමෙරිකාව නොවේ. ඒ අතින් ගත් කල කැනඩාව, අයිස්ලන්තය, නවසීලන්තය, රුසියාව වැනි රටවල් ඇමෙරිකාවට වඩා ඉදිරියෙන් සිටිති. එහිදී ඇමෙරිකාව හිමි කරගෙන සිටින්නේ 16 වැනි ස්ථානයයි.   සහන් වික්‍රමගේ
 

More News..