brand logo

ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

06 June 2021

කොරෝනා ආසාදිත පුද්ගලයින් 3,103 දෙනෙකු ඊයේ (05) දිනය තුළ මෙරටින් හඳුනාගෙන තිබෙන අතර ඉන් වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ආසාදිතයින් 828ක් වාර්තා වී ඇත. මේ අතර ඊයේ හඳුනා ගත් ආසාදිත පිරිසෙන් 09 දෙනෙකු විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයින් ය. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 544ක්, කුරුණෑගල 255ක් මාතර 224ක්, කළුතර 140ක්, මහනුවර 124 ක්, ගාල්ල 117ක්, අම්පාර 114 ක්, මඩකලපුව 110ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 109ක් වාර්තා වී ඇත. ඊයේ (05)ආසාදිතයන් 3,000 ඉක්මවා වාර්තා වීම එලෙස වාර්තා වූ දෙවන දිනය වෙයි. මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 202,357 බවට පත්වී ඇති අතර සුවය ලබා රෝහල් වලින් පිටව ගිය පිරිස 166,132ක් ය. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන පරිදි කොරෝනා ආසාදිත රෝගීන් 34,529 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී ඊයේ 05 දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ මරණ 40 ද සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1,696 ක් දක්වා ඉහළගොස් ඇත.
 

More News..