brand logo

ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

05 June 2021

කොරෝනා ආසාදිත පුද්ගලයන් 3,410ක් ඊයේ (04) දිනයේ මෙරටින් හඳුනාගෙන තිබෙන අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිත පිරිස 602ක් වෙයි. මේ අතර ඊයේ (04) දිනය තුළ හඳුනාගෙන තිබෙන ආසාදිත පිරිසෙන් 12 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින්ය. කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වැඩි පිරිසක් පිළියන්දල, දෙහිවල, මොරටුව, පාදුක්ක, දෙමටගොඩ යන ප්‍රදේශවලින් වාර්තා වී ඇත. ඊයේ (04) මෙරට ආසාදිතයින් හමුවීම දෙවනුවට වැඩිම කළුතර දිස්ත්‍රික්කය වන අතර එය සංඛ්‍යාත්මකව 538 කි. තෙවැනියට වැඩිම ආසාදිතයින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 302ක් වෙයි. මහනුවර 276ක්, රත්නපුර 268ක්, නුවරඑළිය 237ක්, ගාල්ල 153ක්, ගම්පහ 151ක්, මඩකලපුව 104ක් වශයෙන් ද ආසාදිතයින් වාර්තා වී තිබේ. මේ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 199,254ක් දක්වා ඉහළගොස් තිබෙන අතර ආසාදිතයින්ගෙන් 164,281 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 33,317 ක් වෙයි. තවත් කොවිඩ් මරණ 48ක් ඊයේ(04) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,656ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..