brand logo

ආසාදිතයන් 600කට ආසන්න ගණනක් හඳුනාගෙන

01 January 2021

ඊයේ දිනයේ (31) ආසාදිතයන් 597ක් හඳුනාගෙන ඇති අතර වැඩිම ආසාදිතයන් පිරිස හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එම පිරිස සංඛ්‍යාත්මකව 256ක් වනවා. එසේම මඩකලපුවෙන් ආසාදිතයින් 63ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන්62ක්, ආසාදිතයින් 211ක් සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ. ඊයේ (31) හඳුනාගත් ආසාදිතයන් තිදෙනෙක් විදේශගතව පැමිණි ලාංකිකයන් වන අතර දෙදෙනෙක් විදේශ රටවල සිට මෙරටට පැමිණි විදේශිකයින් වේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු ආසාදිතයින් අතරට මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 47 දෙනෙකු සිටී එසේම කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 50ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 36ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 34ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 33ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් 20ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 13ක්, හඳුනා ගෙන ඇත. ගාල්ල, කුරුණෑගල, යාපනය, පුත්තලම, නුවරඑළිය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් හඳුනාගෙන ඇති බව කොවිඩ් නයින්ටින් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 42,299 ක් වන අතර 35,329 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇත.
 

More News..