brand logo

ආසාදිතයන්​ ඇසුරු කළ අයට ඉදිරි දින 7 තීරණාත්මකයි - යුද හමුදාපති

08 October 2020

කොවිඩ් ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයින්ට ඉදිරි දින 7 තීරණාත්මක විය හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසීය. මීළඟට වැඩි අවධානයක් යොමු කරන්නේ බ්‍රැන්ඩික්ස් සේවකයන් ගමන් කළ වාහන ඔවුන් සිටි ස්ථාන හා වෙළෙඳසල්වලදී සම්බන්ධ වූවන් පිළිබඳ බවත් ඔවුන් හඳුනා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් හෙතෙම අවධාරණය කළේය. එවැනි ආශ්‍රිතයන්ට ඉදිරි දින හත ඇතුළතදී රෝග ලක්ෂණ පහළවිය හැකි බවද යුද හමුදාපතිවරයා පැවැසීය. මේ හේතුවෙන් ආසාදිතයන් එක් අයකු​ හෝ දෙදෙනකු හමුවූ සෙසු පළාත්වලත් කඩිනමින් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය බවත් වයිරසය පැතිරීම පාලනයට ගත හැකි සියලු පියවර ගනිමින් ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය. බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නවසිය පනහක් පමණ ඊයේ (7 වැනිදා) රාත්‍රිය වන විට රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමුකර අවසන් බවත් අවධාරණය කළ යුද හමුදාපතිවරයා තවත් පිරිසක් සොයාගත යුතුව තිබූ බැවින් අද (8 වැනිදා) උදෑසන වන විට එම සොයා ගැනීම් අවසන් කිරීම අපේක්ෂාව බවත් කීවේය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..