brand logo

ආසන ගණනට මගීන් ප්‍රවාහණය ඉදිරියේ දී නීතියක් වෙයි

26 May 2020

ඉදිරි කාලය තුළ සියලුම ලංගම හා පුද්ගලික බස් රථවල හා දුම්රියේ මගීන් ප්‍රවාහණයේ දී ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහන කිරීම නීතියක් වශයෙන් සම්මත කර අනිවාර්යය කිරීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඊයේ (25) පස්වරුවේ රත්මලාන ධර්මපාලාරාමයේ දී ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධූරයෙන් පිදුම් ලැබූ අග්ගමහා පණ්ඩිත අතිපුඡ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින්වහන්සේ බැහැ දැකීමට ගිය අවස්ථාවේ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මුදල් දී ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා සෑම මගියෙකුටම ආසනයක වාඩි වී ආරක්ෂිතව ගමන් කිරීමට අයිතියක් ඇති බවත් දැනට මගීන් ප්‍රවාහනය කරන ලොරි චැසිවලට සවිකරන ලද බස් රථ වෙනුවට වයසක, ආබාධිත මෙන්ම සෙසු සියලුම ජනතාවට සුරක්ෂිතව ගමන් කළ හැකි නියම බස් රථ ප්‍රවාහණ සේවාවට ඉතාමත් නුදුරු අනාගතය තුළ එක් කරන බවත් කීවේය.
 

More News..