brand logo

ආසනයෙන් පිට පනින අපේක්ෂකයන්ට එජාපයෙන්ම විරෝධය

28 December 2019

තමන් නියෝජනය කරනු ලබන දිස්ත්‍රික්කයෙන් බැහැරව කැමැති දිස්ත්‍රික්කයක එළඹෙන මහමැතිවරණයට ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂය කිසිදු තීරණයක් ගෙන නොමැති බව පක්ෂයේ ජ්‍යෙෂඨයකු පැවසීය. එළඹෙන මහමැතිවණයේදි හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාසට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එකඟතාවක් පළ කර ඇති බවට ගෙන යන ප්‍රචාරයන් සාවද්‍ය බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. පසුගිය ජනාධිපතිවරණයෙන් එක්ස්ත ජාතික පක්ෂය පුටුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට වැඩිම ආසන ප්‍රමාණය වන ආස හයක ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලැබුනේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. පක්ෂායේ ජ්‍යෙෂ්ඨයන්ගේ ආසන පරාජයට පත්වෙද්දී උතුරු, නැගෙනහිර, බටහිර, මැද කොළඹ යන ආසන හා බොරැල්ල, දෙහිවල යන ආසන හය පමණක් දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කළේ කොළඹ දිස්ත්‍රික්කය පමණි. මෙසේ සිය ආසනවලින් බැහැරව වැඩි සහන ආසනවලට මහමැතිවරණයට තරග කිරීමට ඇතැම් අපේක්ෂකයන් කර ඇති යෝජනාවට ඇතැම් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විරෝධය දක්වා ඇති බවද වාර්තා වේ. චමින්ද සේනාරත්න
 

More News..