brand logo

ආවා කල්ලියට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

02 December 2018

ආවා කල්ලියට සම්බන්ධව පුද්ගල පහරදීම්වලට හා දේපළ හානි කිරීම්වලට සම්බන්ධ වු පුද්ගලයින් තිදෙනෙකු ඊයේ(01) අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ යාපනය චුන්නාකම් ප්‍රදේශයේ හා වඩමාරච්චි ප්‍රදේශයන්ගේ සිදුවු පුද්ගල පහරදීම් හා දේපළ හානි කිරීම්වලට සම්බන්ධ තිදෙනෙකු කඩු 07 ක් සමඟ එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරුවන් වයස අවුරුදු 24 ක පිරිසක් වන අතර යාපනය කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචි තරුණයින් තිදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සදහන් කළේය. පොලිසිය පැවසුවේ සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. ආවා කල්ලිය,ධනුරොක් කල්ලිය,අජිත් කල්ලිය හා වික්ටර් කල්ලිය වැනි කල්ලි හේතුවෙන් යාපනය ප්‍රදේශයේ විවිධ අපරාධ සිදුවීම් සිදුවි ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය හා චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
 

More News..