brand logo

ආර්ථික මධ්‍යස්ථාන ආවරණය වන ලෙස අධිවේගී මාර්ග ජාලයක්

21 November 2020

වසර 2019 යේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ රථ වාහන තිස් තුන්කෝටි නව ලක්ෂ තුන්දහස් තුන්සිය දොළහක් ගමන් කර ඇති බව මහාමාර්ග අමාත්‍යාංශයේ වාර්තාවල සඳහන් වෙයි. 2019 වසරේ දී උපරිම රථ වාහන ගමනාගමන ධාරිතාවයක් වාර්තා වී ඇත්තේ දෙසැම්බර් මාසයෙනි. ඒ තුන්කෝටි හාර ලක්ෂ පනස් පන්දහස් දෙසිය හතළිස් පහකි. මේ අනුව දිවයිනේ සියලුම ප්‍රදේශ එකිනෙක සම්බන්ධ කරමින් එහා මෙහා යා හැකි උසස් තත්ත්වයකින් යුත් මාර්ග ජාලයක අවශ්‍යතාවයක් පවතින බව හඳුනාගෙන ඇතැයි මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි. එහෙයින් සියලුම ආර්ථික මධ්‍යස්ථාන ආවරණය වන පරිදි කිලෝ මීටර් 800කින් යුත් අධිවේගී මාර්ග ජාලයක් ඉදිකිරීමට සැලැසුම් කොට ඇති බවද මහාමාර්ග අමාත්‍යාංශය පවසයි. හේමන්ත ලියනපතිරණ
 

More News..