brand logo

ආර්චර්ගේ පන්දුවක් මුහුණට වැදීමෙන් ඇලෙක්ස් කේරිට තුවාල

11 July 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේ පන්දුවට පහරදෙමින් සිටිදී ඕස්ට්‍රේලියානු පිලේ ඇලෙක්ස් කේරිගේ මුහුණ ප්‍රදේශයට තුවාල සිදුවිය. ඒ එංගලන්ත පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආර්චර්ගේ බවුන්සර් පන්දුවක් කේරිගේ නිකට ප්‍රදේශයට පන්දුව වැදීමෙනි. වේගයෙන් ආ පන්දුව වැදුනු සැණින් කේරීගේ ආරක්ෂිත හිස් වැසුම ද ගැලවී ගියේය. කෙසේ වෙතත් මුහුණ ප්‍රදේශයට සිදුවූ තුවාලයට ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ඇලෙක්ස් කේරී නැවතත් සුපුරුදු රිද්මයට පන්දුවට පහරදෙමින් සිටියි. ඕස්ට්‍රේලියානු පිල මේ වන විට පන්දුවාර 11ක් අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 28 ක් රැස්කර ගෙන සිටීයි.
 

More News..