brand logo

ආරක්‍ෂාව මුල්තැන ලබාදෙමින් DFCC බැංකු සේවාවන් දැන් ඔබ අසලටම

25 April 2020

DFCC බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වානිජ බැංකුවක් ලෙස මෙන්ම සැමගේ බැංකුව ලෙසද මේ මොහොත වන විට සිය විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලමින් ජාතික කාර්යයට කැපවී සිටීම සුවිශේෂී කරුණකි. විශේෂයෙන් රට තුළ උද්ගතව ඇති අරබුධකාරී පරිසරය තුළ, ශ්‍රී ලාංකීය රජයේ සහ මහ බැංකුවේ නියෝගයන් අනුගමනය කරමින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරමින් ඩිජිටල් සේවාවන් ඔස්සේ අඛණ්ඩ මූල්‍ය සේවාවක් සැපයීමට කැපවී සිටී. ඩිජිටලීකරණය වූ සිය බැංකු සේවාවන් ඔස්සේ DFCC බැංකුව විසින් ගනුදෙනුකරුවන් වෙත මුදල් ගනුදෙනු සඳහා පහසුකම් සලසා ඇතිවා පමණක් නොව, බහුවිධ වූ ක්‍ෂේත්‍රයන් ආවරණය කරමින් නිර්මාණයකර ඇති නිෂ්පාදන සහ සේවා සඳහා උසස් පාරිභෝගික සේවාක් ලබාදීමට කැපවී සිටී. DFCC Virtual Wallet සහ DFCC Online Banking සේවාවන් ඔස්සේ ඔබගේ නිවසේ සිට, ආරක්‍ෂාව තහවුරුකර ගනිමින් මූල්‍ය ගනුදෙනු සහ බිල්පත් වැනි එදනෙදා මුදල් ගනුදෙනු කිරීමේ අවස්ථාව සලසා දී ඇත. මහ බැංකුවේ නියෝගයන්ට අනුව මෙම සේවාවන් ලබාගැනීම සහ සක්‍රීය කරගැනීම සඳහා ඔබට බැංකු ශාඛාව වෙත පිවිසීමේ අවශ්‍යතාවක් නොමැති අතර, මෙම සේවාවන් සඳහා වන KYC verification අන්තර්ජාලය හරහා ලබා ගැනීමේ හැකියාවද ඇත. තවද DFCC Pay App ඔස්සේ VISA QR, LANKA QR, Just Pay ගෙවීම් කාර්යයන් සිදුකිරීමේ හැකියාව ඇති අතර, POS යන්ත්‍ර තුළින්ද ගෙවීම් කාර්යයන් සිදුකිරීමේ අවස්ථාව ලබාදී ඇත. මෙය එක් අතකින් සබඳතා රහිත ගනුදෙනු කාර්යයන් සම්බන්ධයෙන් අපගේ ගනුදෙනුකරුවන් හුරුකිරීමක් වනවා පමණක් නොව, ඔවුනගේ ආරක්‍ෂාව තහවුරු කිරීමක්ද මෙයින් සිදුවේ. COVID-19 වෛරසය පැතිරයාම අවම කිරීමේ මෙහෙයුම් කාර්යයේදී රජය විසින් සියලුම ශ්‍රී ලාංකිකයන් හට නිවසේ රැඳී සිටීමට නියෝග කර ඇත. රජයේ මෙම කාර්යය සඳහා සහාය පළකිරීමක් වශයෙන් මෙන්ම මෙවැනි අවස්ථාවකදී ජනතාව මුහුණ දෙන දුෂ්කරතාවන් සඳහා පිළියමක් මෙන්ම නිවසේ රැඳී සිටීමට දිරි දීමක් වශයෙන් ජනතාවගේ බැංකු කාර්යයන් සදහා DFCC බැංකුව විසින් ‘ජංගම බැංකු සේවාවක්’ දියත් කිරීමට යොමුවිය. මෙහිදී DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන් හට පමණක් නොව අනෙකුත් දේශීය බැංකු ගනුදෙනුකරුවන් සඳහාද VISA, MasterCard, AMEX සහ JCB debit cards භාවිත කිරීමෙන් රු. 150,000.00ක් දක්වා වූ මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමේ අවස්ථාව සලසාදී ඇත. මෙම විශේෂ ජංගම බැංකු සේවාවන් දෙහිවල, ගල්කිස්ස, මෝදර, මොරටුව, නාවල, මාලඹේ, මත්තේගොඩ, නාරාහේන්පිට, පන්නිපිටිය, කොටහේන ආදී තෝරාගත් ප්‍රදේශ කිහිපයකදී ලබාගත හැකි අතර, ඉදිරි දිනයන්හිදී බස්නාහිර පළාත ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.
 

More News..