brand logo

ආරක්ෂක සාමාජිකයන්ට අඩු මිලට බඩු ගන්න කාඩ්පතක්

28 February 2020

ආරක්ෂක හමුදාවන්ගේ සාමාජිකයන් ලක්ෂ 02කට ‘විරුසර වරප්‍රසාද කාඩ්පත්’ නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත. මියගිය රණවිරුවන්ගේ පවුල් සහ ආබාධිත සොල්දාදුවන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයෝ මීට අයත් වෙති. මෙම විරුසර කාඩ්පත ඔස්සේ ගනුදෙනු කිරීමේදී ඔවුන්ට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වට්ටම් ලබා ගැනීමේ හැකියාව ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මෙම වැඩසටනේ පළමු පියවරේදී 44,500කට වැඩි පිරිසකට දැනටමත් කාඩ්පත් නිකුත් කර ඇත. සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු කටයුතු, රක්ෂණ සහ ලීසිං කටයුතු මෙන්ම සාප්පු සවාරි සඳහා ද මෙම කාඩ්පත උපයෝගී කරගත හැකි වේ. විරුසර කාඩ්පත් භාවිතයේදී ප්‍රතිලාභීන්ට ඇතිවන අපහසුතා මගහරවා ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මේ පිළිබඳව දැනටමත් දැනුම්දී ඇතැයිද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. දැනටම මීට දායක වන ආයතනවල ප්‍රදර්ශනය සඳහා ස්ටිකරයක් හඳුන්වා දී ඇති අතර ඉදිරියේදී ජංගම දුරකථන කෙටිපණිවුඩ සේවාවක් මේ වෙනුවෙන් හඳුන්වා දෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.   නයන තරංග ගමගේ
 

More News..