brand logo

ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙයි

06 August 2019

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම ආරම්භ කර ඇත. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද(06) 01.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කාරක සභාව රැස්විය. කන්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් අන්තවාදයක් නිසා මුස්ලිම් පල්ලි දෙකක් අතර ගැටුමක් ඇති බවට පමණක් 2017 ආක්ෂක කමිටු රැස්වීමේ සකච්ඡා වූ බවත් මෙවැනි ත්‍රස්ත්‍ර ක්‍රියාවක් සම්බන්ධයෙන් සාකච්ඡා නොවුණ බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සඳහන් කළ අතර 2017 වසරේදී නිතීය හා සමාය අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශ යටතේ නොතිබූ බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේය. පාස්කු ඉරුදින ප්‍රරහාය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තමා හට නොලැබූ බව රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබාදීමට නියමිතව ඇත.
 

More News..