brand logo

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ බැලීමට යුද හමුදාපති පත් කෙරේ

31 December 2019

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ බැලීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාල පත් කිරීම සිදුකර ඇති බව යුද හමුදාව සඳහන් කළේය. ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කර ඇත්තේ, යුද හමුදාපති ධූරයට අමතරවයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කර අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද එම ධුරයෙන් විශ්‍රාම ගනු ලැබීය.
 

More News..