brand logo

ආරක්ෂක ඇමැති කවුද කියා වහාම ගැසට් කරන්න - මහින්දට නොදෙන්නේ සැක නිසාද

23 January 2020

රටේ ආරක්ෂක ඇමැතිවරයා කවුරුන්ද යන්න වහා ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරන ලෙස විජිත හේරත් මන්ත්‍රීවරයා ඊයේ (22 වැනිදා) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. රටේ ආරක්ෂක ඇමැතිවරයා වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ බව සුමේධා ජී. ජයසේන මන්ත්‍රීවරිය විසින් කළ ප්‍රකාශයකට පසුව විජිත හේරත් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. විජිත හේරත් - මේ වන තුරු රටේ ආරක්ෂක ඇමැතිවරයෙක් නෑ. ඒක අගමැතිතුමාට පවරල තියෙනවද? සුමේධා ජී. ජයසේන - ආරක්ෂක ඇමැතිකම අගමැතිතුමාට පවරලා තියෙනවා. විජිත හේරත් - කැබිනට් ආරක්ෂක ඇමැති මහින්ද රාජපක්ෂ අගමැතිතුමාද? සුමේධා ජී. ජයසේන - ඔව්. තවත් අමාත්‍යාංශ කීපයක් එක්ක පවරලා තියෙනවා. විජිත හේරත් - මුලසුනේ මන්ත්‍ර්‍රීතුමනි මා දැනගන්න කැමැතියි මේක ආණ්ඩුවේ නිල ප්‍රකාශයද? ඒක හරිද ? කැබිනට් ආරක්ෂක ඇමැති මහින්ද රාජපක්ෂද කියලා. මේක තමයි රටේ විහිළුකාරී තත්ත්වය. මෙතුමිය දන්නෙත් නෑ තවම ආරක්ෂක ඇමැතිවරයා කවුද කියලා. අපිත් දැක්කා දිව්රුම් දෙන දවසේ මහින්ද රාජපක්ෂට ආරක්ෂක ඇමැතිකම තිබෙන බව ප්‍රකාශ කළා. ඒත් මේ දක්වා ආරක්ෂක ඇමැති ධුරය මහින්ද රාජපක්ෂට ගැසට් කරලා නෑ. ආරක්ෂක ඇමැතිවරයෙක් නෑ. ආණ්ඩුව කිව යුතුයි කවුද ආරක්ෂක ඇමැති. දහනවවැනි ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට බැහැ ආරක්ෂක ඇමැතිධුරය දරන්න. ආරක්ෂක ලේකම්වරයෙක් පත්වන්නේ කොහොමද ඇමැතිවරයෙක් නොමැතිව. ඒක විය නොහැකි දෙයක්. ඇයි මහින්ද රාජපක්ෂට ආරක්ෂක ඇමැතිධුරය දෙන්නේ නැත්තේ. ප්‍රශ්නයක්ද? සැකයක්ද? යුද්දෙදී මහින්ද රාජපක්ෂ ආරක්ෂ ඇමැති දැන් ආරක්ෂක ඇමැතිධුරය හිමිව තිබෙන්නේ කැබිනට් එකට වගකියන්න ආරක්ෂක ඇමැතිවරයෙක් නෑ අජිත් අලහකෝන්
 

More News..