brand logo

ආයුර්වේද ව්‍යවස්ථාව සංශෝධනය නොකළොත් දැඩි වෘත්තීය ක්‍රියා

24 June 2020

ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ දැනට පවතින සේවා ව්‍යවස්ථාවේ ගැටලු ඇති බැවින් එය සංශෝධනය කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති චමල් ආර්. කුලතිලක ‘අරුණ’ට පැවසීය. උප සභාපතිවරයා පෙන්වා දෙන්නේ දැනට පවතින 6/2006 චක්‍රලේඛයට අනුව උසස්වීම් ක්‍රමවේද පිළිබඳ නිසි පැහැදිලි කිරීමක් නොමැති බවයි. කෙසේ වෙතත් මෙය 2016 වසරේදී සංශෝධනය කළද, එය 2006 වසරේම දිගුවක් බව හෙතම කීවේය. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කිහිප වතාවක්ම දැනුවත් කළද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවද වැඩිදුරටත් සඳහන් කරයි.   චාමර පල්ලේගෙදර
 

More News..