brand logo

ආයතන පහළොවක දූෂණ තොරතුරු ජනාධිපති අතේ කොමිසම වාර්තා භාර දෙයි

28 September 2019

යහපාලන ආණ්ඩුවේ සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාවේ අවසන් වෙළුමේ 1 වැනි කාණ්ඩය යටතේ වංචා දූෂණ පරීක්ෂණ අවසන් කළ ආයතන 15 ක තොරතුරු වාර්තා ජනාධිපතිවරයාට භාර දී ඇත. කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි එක්දහස් තුන්සිය හතළිස් හයක් (1346) මූලික විමර්ශන සඳහා පැමිණිලි 136 ක් එහි පොලිස් ඒකකයට ලබා දීමෙන් පසු ඉන් 40 ක සාක්ෂි විමසීමට කොමිසමට භාර දී ඇත. එම 40 න් සාක්ෂි විමසා අවසන් කළ 15 ක වාර්තාවක් මෙසේ ජනාධිපතිවරයාට භාර දී තිබේ. ඊට අමතරව සෙසු විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද එහි දක්වා ඇති බව වාර්තා වේ. චමින්ද සේනාරත්න
 

More News..