brand logo

ආනවිළුන්දාව ඩෝසර් කළ සැකකරුවන්ට ඇප

18 September 2020

ආනවිළුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් කර විනාශ කිරීමට උපදෙස් ලබා දුන් ව්‍යාපාරිකයා සහ ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු පුද්ගලයා ඇපමත මුදා හැරීමට හලාවත දිසාවිනිසුරු මංජුල රත්නායක මහතා අද (18) නියෝග කර තිබේ. ආනවිළුන්දාව අභය භූමිය තුළ ඉස්සන් කොටුවක් සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි එම සැකකරුවන්ට රුපියල් ලක්ෂ 100 බැගින් වන පුද්ගල ඇපමත මුදා හැරීමට කටයුතු කර ඇත. පසුගිය 27 වැනි දා ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළේ ය. වනජීවී දෙපාර්තමේන්තු වේ පුත්තලම සහකාර අධ්‍යක්ෂකවරයා විසින් ආරච්චිකට්ටුව පොලීසියට කර තිබූ පැමිණිල්කට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.‍ දිසාවිනිසුරුවරයා විසින් ඇප මත මුදා හරින ලද්දේ, මුන්දලම - කීරියන්කල්ලිය ප්‍රදේශයේ පදිංචි ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරුවෙකු සහ උඩප්පුව, පිංකට්ටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙ කි. මෙම සිද්ධියට සම්බන්ධයෙන් සියලු සාක්ෂි අධිකරණය හමුවේ ගොනු කරන ලෙසත්, අනතුරුව සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් වන්නේ නම් ඔවුන්ව ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දිසාවිනිසුරුවරයා ආරච්චිකට්ටුව පොලීසියට නියෝග කර තිබේ
 

More News..