brand logo

ආනයනික හරක් මස් තොගයක කොවිඩ්

16 November 2020

ආනයනික හරස් මස්වල සහ ඒවායෙහි ඇසුරුම්වල තිබී කොරෝනා වයිරසය සොයා ගෙන ඇතැයි වාර්තා වේ. මෙම මස් ගෙන්වා ඇත්තේ බ්‍රසීලය, නවසීලන්තය සහ බොලිවියාව යන රටවලිනි. මෙම තත්ත්වය තුළ ශීත කළ ආහාර ද්‍රව්‍ය පිළිබඳ කෙරෙන පරීක්‍ෂාවන් තවදුරටත් ඉහළ දැමීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත. මේ අතර මෙම නිෂ්පාදන ස්පර්ශ කළ අය සහ ආශ්‍රිතයන් 7,500 දෙනකු පමණ පරීක්‍ෂාවන්ට ලක් කිරීමටද චීන බලධාරීන් පියවර ගෙන තිබිණි. නමුත් එරට මාධ්‍ය සෙනසුරාදා වාර්තා කර තිබුණේ ඔවුන් කිසිවෙකුටත් වයිරසය ආසාදනය වී නොමැති බවයි. චීනය ලෝකයේ හරක් මස් ආනයනය කරන රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටකි. ඔවුන් වැඩි වශයෙන්ම ඒවා ආනයන කරන්නේ බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව වැනි රටවලිනි. පසුගිය දිනවල සෞදි අරාබියෙන් ගෙන්වන ලද පොකිරිස්සන්ගේ ඇසුරුම් මත සහ ආර්ජන්ටිනාවෙන් ගෙන්වන ලද හරක් මස්වල ඇසුරුම් මත තිබීද කොරෝනා වයිරසය සොයා ගැනීමට හැකි වී තිබිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ශීත කළ ආහාර ද්‍රව්‍ය හරහා වයිරසය ආසාදනය වීමට ඇති ඉඩ අවම බවයි. කෙසේ නමුත් චීනය මේ සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවල අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර ආනයන සීමා පවා පැනවීමට කටයුතු කළේය. සහන් වික්‍රමගේ
 

More News..