brand logo

ආනයනික ආහාර ගැන පරීක්ෂණ කරන්න උපදෙස් ලබාදෙයි

17 April 2021

පොල්තෙල් ද ඇතුළුව මෙරටට ආනයනය කරන ආහාර වල මිනිස් පරිභෝජනයට නුසුදුසු හානිකර ද්‍රව්‍ය තිබේ දැයි පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (16) දැනුම් දී තිබේ. මේ අනුව ආහාර පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බැවින් රසායනාගාර පහසුකම් වැඩිදියුණු කරන ලෙස මෙන්ම ආහාර සුරක්ෂිතතාවයට අදාළ නීති කඩිනමින් සංශෝධනය කළ යුතු බවත් රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කර ඇත. ඊට අදාළ උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට ලබා දී තිබේ. ආහාර පරීක්ෂා කරන රසායනාගාර අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් පවතින ගැටලුකාරී තත්ත්වය උග්‍රවී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී පෙන්වා දී ඇත.
 

More News..