brand logo

ආනයනික අල - ලූනු ටොන් 7000ක් කන්ටේනර්වලම කුණු වෙලා

27 April 2019

අනපේක්ෂිතව පසුගිය 21 වැනි දින එල්ල වූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය නිසා පිටකොටුව තොග වෙළෙඳුන් ආනයනය කළ අල හා ලූනු ටොන් හත්දහසක් පමණ නරක් වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ. සිංහල අලුත් අවුරුදු දීර්ඝ නිවාඩුව අවසානයේ පෝය නිවාඩුව නිසා ඊට පෙර ආනයනය කර තිබූ හා එම සති අන්තයේ ආනයනය කළ අල හා ලූනු වරායෙන් මුදා ගැනීමට නොහැකි වීමෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව හතරවන හරස් වීදියේ තොග වෙළෙඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු පැවසීය. සතියකට බී ලූනු මෙට්‍රික් ටොන් 4000ක් පමණ නැව් තුනකින් ඉන්දියාවෙන් පැමිණෙන අතර අල මෙට්‍රික් ටොන් 3000ක් පමණ පාකිස්තානය සහ බංග්ලාදේශයෙන් නැව් දෙකක පැමිණෙයි. එහෙත් 21 වැනි දින එල්ල වූ ප්‍රහාරය නිසා එම තොග කිෂ්කාශනය කර ගැනීමට හැකිවී ඇත්තේ පසුගිය 25 වැනිදා (බ්‍රහස්පතින්දා) සිටය. මීට අමතරව ඇඳිරිනීතිය පැනවීම නිසා නිෂ්කාශන කටයුතුවලටද බාධා එල්ල වී තිබේ. එම හේතුවෙන් වැඩිපුර කාලයක් සෑම භාණ්ඩයක්ම ගුදම්වල තබා ගැනීමට සිදුවීමෙන් අමතර ගාස්තු ගෙවීමටද ව්‍යාපාරිකයින්ට සිදුව ඇත. චමින්ද සේනාරත්න
 

More News..