brand logo

ආනයනය හා අලෙවිය තහනම් කළ අධිසාන්ද්‍රණ හොර ග්ලයිෆොසෙට් වෙළෙඳපොළේ

02 June 2019

ග්ලයිෆොසෙට් රසායනය ආනයනය හා අලෙවිය තහනම් කර තිබියදී අධිසාන්ද්‍රණය සහිතව හොර රහසේ ගෙන්වනලද ග්ලයිෆොසෙට් තොග පිටින් රට පුරා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුර අරුණට වාර්තා වේ. ග්ලයිෆොසෙට් රසායනිකය තහනම් කිරීම යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨය වූ අතර ???? වැනිදා සිට ඒවා ආනයනය සහ අලෙවිය තහනම් කෙරිණි. තහනම් කෙරුණු ග්ලයිෆොසෙට් කෘෂිරසායනිකයෙහි රසායනික සංයුතිය සියයට 36ක් විය. එහෙත් හොර රහසේම ඉන්දියාවේ සිට මුහුදු මගින් රැගෙන එන ග්ලයිෆොසෙට්වල රසායනික සංයුතිය 71%ක් බවත් ඒවා ඉතාමත් සූක්ෂ්ම ලෙස රට පුරා අලෙවි කරන බවත් වාර්තා වේ. හොරෙන් ගෙන එන ග්ලයිෆොසෙට් ලංකාවේ යම් යම් ස්ථානවලදී නැවත කලවම් කර වෙනස් නාමකරණයන් යටතේ ඇසුරුම් කරන බවත් දැනගන්නට ඇත. මැක් (MAC) සුපර් සර්ගැක්ටන්ම්, විලිසෝට් (WILLOSATE) හා මැරා (Mera) යන නාමයන් ඇති බවත්, ඒවා දියර හෝ කුඩු ලෙස අධික මිල ගණන්වලට ග්ලයිෆොසෙට් යනුවෙන් අලෙවි කරයි. එසේ අලෙවි කරන ග්ලයිෆොසෙට් කිලෝ ග්‍රෑමයක් රුපියල් 4000-5000ක් අතර මිලකට අලෙවි කරයි. දැනට තේ වගාව සඳහා වසරකට ග්ලයිෆොසෙට් ලීටර් අට ලක්ෂයක් රජයේ සමාගමක් මගින් නීත්‍යනුකූල ලෙස ආනයනය කර බෙදාහරියි. එහෙත් මෙම ජාවාරම මුහුදු මාර්ගයට අමතරව හොර රහසේ කන්ටේනර් පෙට්ටි තුළ අසුරා රැගෙන එන අතර ඊට ඇතැම් රේගු නිලධාරීන්ගේ සහාය ජාවාරම්කරුවන්ට ලැබී ඇති බව වාර්තා වේ. ඉන්දියාවෙන් බෝට්ටු මගින් රැගෙන එන ග්ලයිෆොසෙට් කුඩු මෙරටදී දියර කර ඇසුරුම් කරන අතර, එවැනි ස්ථාන දෙකක් කොට්ටාවේ හා හම්බන්තොට අගුණකොළපැලැස්සේ පවත්වාගෙන යන බව අනාවරණය වී ඇත. ජාවාරම මෙහෙයවා ප්‍රධානියෙක් බව කියන පුද්ගලයා හිටපු ඇමැතිවරයකු සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ අයෙකි. මොවුන්ගෙන් ග්ලයිෆොසෙට් මිලදී ගෙන බෙදාහැරීමේ නිරත වෙනත් ජාවාරම්කරුවන් පිරිසක්ද සිටින අතර කෘෂිරසායනික අලෙවිසල් හිමියන් ඇණවුම් කරන තොග ප්‍රමාණය ප්‍රවාහනය කර දෙනු ලබන්නේ ඔවුනු විසිනි. පොළොන්නරු දිස්ත්‍රික්කයේ කෘෂි අලෙවිසල් හතකුත්, බදුල්ලේ තුනකුත් අනුරාධපුර හතරකුත් අලෙවි කරයි. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන නවයකද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන හතරකද, අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන එකොළහකද මෙම අධිසාන්ද්‍රණයෙන් යුත් ග්ලයිෆොසෙට් අලෙවි කරයි. පසුගිය කාලයේ කෙරුණු පර්යේෂණ මගින් ග්ලයිෆොසෙට් මාරාන්තික කෘෂිකාර්මික වකුගඩු රෝගයට එක් ප්‍රබල හේතුවක් ලෙස හඳුනාගෙන ලැබිණි. ඒවා රට පුරා භාවිතය තහනම් කෙරුණේ එයින් පසුවය. ක්‍රිෂ්ණ විජේබණ්ඩාර
 

More News..