brand logo

ආනන්දි සෂිදරන් හිටපු LTTE සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටියි

05 December 2018

මඩකලපුව වවුනතිව් සිදුවීමට සම්බන්ධ හිටපු එල් ටි ටි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පදනම් කර ගනිමින් පුනරුත්තාපනය ලැබු හිටපු එල් ටි ටි සාමාජිකයින් සියළුදෙනාට චෝදනා එල්ල කිරීම අනුමත කිරීමට නොහැකි බව උතුරු පළාත් සභා හිටපු අමාත්‍ය ආනන්දි සෂිදරන් මහත්මිය කියයි. යාපනය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෂිදරන් මහත්මිය පැවසූවේ අදාළ සිදුවීම පදනම් කර ගනිමින් සිවිල් ජන ජිවිතයට යොමුව ඇති හිටපු එල් ටි ටි සාමාජිකයින් සියළුදෙනා වෙත නැවත වෙනුවෙන් චෝදනා එල්ල කිරීමට පටන්ගෙන ඇති බවයි. පුනරුත්තාපනය ලැබූවන් මේ වන විට ඉතා යහපත් ජිවිත ගත කරමින් සිටින අතර නැවත අදාළ පිරිස් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ආරම්භ කිරීම ඔවුනගේ ජිවිත පවත්වාගෙන යාමට ගැටළුවක් වි ඇති බවයි. පුනරුත්තාපනය ලැබූවන් බොහෝ පිරිසක් මේ වන විට තමන්ගේ දරු පවුල් සමඟ සාමයෙන් ජිවත්වෙමින් සිටින අතර,නැවත වතාවක් අදාළ පිරිස් වෙත චෝදනා කිරීම ඉතා අපරාධයක් බවයි. ආනන්දි සෂිදරන් මහත්මිය‍ගේ සැමියා ත්‍රිකුණාමලය හා වවුනියාව දිස්ත්‍රික් භාර හිටලු එල් ටි ටි සන්නද්ධ නායකයෙකු ලෙස කටයුතු කරනු ලැබු අතර,යුද්ධයේ අවසන් දිනවල අතුරුදහන්ව ඇති බව ඇය ප්‍රකාශ කරයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..