brand logo

ආදිවාසීන්ගේ ඔසු යැයි පවසමින් තෙල් බේත් විකුණන හොර ජාවාරමක් ගැන හෙළි කරයි

06 August 2019

දඹාන ආදිවාසීන් විසින් නිපදවන ‍බෙහෙත් බවට ප්‍රචාරය කරමින් සති පොල වල සහ විවිධ නගරවල තෙල් බෙහෙත් වර්ග අළවිකරන ව්‍යාජ වෙදුන් නිසා තම කීර්ති නාමයට බලවත් හානියක් සිදුව ඇතැයි ආදාවාසී නායක වනස්පති පාරම්පරික දේශීය වෛද්‍ය වනස්පති ඌවරුවරිගේ වන්නියලැ ඇත්තෝ පවසති. මෙම කූට ජාවාරම සදහා කුඩා වෑන්රථ සහ ශබ්දවාහිනී යන්ත්‍ර ද උපයෝගි කරගන්නා බවත් මේ පිළිබදව කීප වතාවක්ම පොලිසිය ට පැමිණිලි කළත් මේ දක්වා විසදුමක් නොලැබුන බවත් ආදිවාසී නායකයා අවධාරණය කළේය. තමා කැලේ කොලේ ගස් වැල්වල මුල් ,පොතු, ගෙඩි හා මල් උපයෝගි කරගනිමින් පාරම්පරිකව පැවත එන වෙද දැනුම ට අනුව විවිධ ආබාධ හා රෝග සදහා නිපදවන තෙල් වර්ග ,ගුලි හා කල්ක දඹානට පැමිණෙන අය තමාගෙන් මිලදී ගන්නා අතර ඒවා අතදුටුවෝ නැවත පැමිණ ප්‍රසංශා කරන බවත් සදහන් කළේය . දඹානේ ආදිවාසින් නිපදවන තෙල් බේත් වර්ග යැයැ පවසමින් විවිධ ප්‍රෙද්ශවල තෙල් බෙහෙත් විකුණන අය සිටින බව දඹාන ට පැමිණෙන ජනතාව තමා සමග පවසා ඇතැයිද පැවසූ ආදිවාසී නායකයා මේ කූට ජාවාරම් කරුවන්ට හසු නොවන ලෙසත් තමාගේ තෙල් බෙත් හා ඹෞෂධ වර්ග මිලදිගත හැක්කේ දඹානේ පිහිටි තම පැල්පතෙන් පමණක් බ වත් අවධාරණය කළේය. අමිල ක්‍රිෂාන්ත
 

More News..