brand logo

ආදරය හමුවේ රජ සැප අත්හල ජපාන කුමරිය 

16 November 2021

ජපාන කුමරිය රටින් නික්මෙයි

රාජකීය පවුල ප්‍රතික්ෂේප කරමින් විවාහ වූ ජපාන අධිරාජයාගේ මිණිපිරිය මාකෝ කුමරිය හා කමුරෝ එක්සත් ජනපදයේ පදිංචිය සඳහා පිටත්ව ගිය බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මෙම යුවළ ඉරිදා උදෑසන ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය අතර ඔවුන් නිව් යෝර්ක් හි මහල් නිවාසයක් කුලියට ගනු ඇති බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා. ජපානයේ සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ජපාන රාජකීය පවුලේ කාන්තාවක් සාමාන්‍ය පුද්ගලයෙක් විවාහ කර ගැනීමෙන් පසු සාමාන්‍ය වැසියෙක් බවට පත් වනවා. එවිට අමෙරිකානු ඩොලර් 1.3ක මුදලක් ලබාදෙනු ලබන අතර , මාකෝ එය ද පසුගිය දා ප්‍රතික්ෂේප කර තිබුණා. රාජකීය පවුල සහ මුදල ප්‍රතික්ෂේප කළ රාජකීය පවුලේ පළමු කාන්තා සාමාජිකාව ඇයයි.
 

More News..