brand logo

ආදරයේ දී රාගය විඳින්න ඕන

26 October 2022

ටී.වී දෙරණ නාළිකාවෙන් සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රි 9.00ට විකාශය වන අලුත්ම ටෙලි නාට්‍යය තමයි ‘සැලෙනා නුවන්’ ටෙලි වෘතාන්තය. ආදරය ගැන කියාදෙන ළයාන්විත ටෙලි නාට්‍යයක් වන සැලෙනා නුවන් හරහා නවක රංගන ශිල්පිනියක් වන තුලංගා ජයකොඩිද කලා ක්ෂේත්‍රයට හඳුන්වා දීම සිදුවෙනවා. ඉතින් අපි හිතුවා කලා ක්ෂේත්‍රයේ ඇයගේ ආගමනය පිළිබඳව වගේම ආදරය ගැනත් ඇයත් එක්ක ටිකක් කතා කරන්න. තුලංගා ගැන විස්තර ටිකක් කියමුද? නම තුලංගා ජයකොඩි. වයස අවුරුදු 23 යි. පදිංචි වෙලා ඉන්නෙ හෝකන්දර. මේ වෙද්දි ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නර්තන ගුරුවරියක් විදිහට සේවය කරනවා. May be a closeup of one or more people, flower and outdoors සැලෙනා නුවන් ටෙලි නාට්‍යයේ ඔබ රඟපාන චරිතය මොනවගේ එකක්ද? ඒ ටෙලි නාට්‍යයේ රන්දිගෙ චරිතය තමයි මම රඟපාන්නෙ. රන්දි කියන්නෙ හිතේ ඇතිවන ආදරය ප්‍රකාශ කරන්නෙ නැතුව ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න ගමේ කමට හැදුණු අහිංසක ගෑනු ළමයෙක්. තුලංගාට ආදරය ගැන මොකද හිතන්නෙ? ආදරය කියන්නෙ ජීවත් වෙන්න අපි හැමෝටම අවශ්‍ය දෙයක්. ඒ ආදරය ලස්සනට විඳින්න නම් ගැළපෙන හරි කෙනාව අපේ ජීවිතයට ළංකර ගන්න ඕන. No photo description available. රන්දිට වගේ තුලංගාට එහෙම ඒක පාර්ශ්වික ආදරයක් තිබිලා නැද්ද? මට එහෙම ඒක පාර්ශ්වික ආදරයක් නම් තිබිලා නැහැ. මම කාට හරි ආදරේ නම් ඒක බය නැතුව කෙළින්ම කියනවා. හැබැයි කවුරු හරි පිරිමි ළමයෙක් මට නොකියා ආදරේ හිතේ තියාගෙන හිටියද කියලා නම් මං දන්නෙ නැහැ. දෙන්නෙක්ගෙ ආදරය මැදට තුන්වැනියෙක් එන එක ගැන මොකද හිතන්නෙ? ආදරය මැදට තුන්වැනියෙක් සම්බන්ධ වුණ අත්දැකීමක් නම් මගේ ජීවිතයේ මේ වෙනකම් තිබිලා නැහැ. නමුත් සම්බන්ධතාවක් පවත්වාගෙන යද්දි එහෙම තුන්වැනියෙක්ගෙ ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්. ඒ අපි හැඟීම් මත ආදරය කරන නිසා. මම හිතන්නෙ ඒ වගේ වෙලාවක තුන්දෙනොම කතා කරලා අවබෝධයෙන් තීරණයක් ගන්න ඕන. May be an image of one or more people, people standing, footwear and outdoors තුලංගා ප්‍රාර්ථනා කරන්නෙ මොන වගේ ආදරයක්ද? බොරු කරන්නෙ නැති අවංක ආදරයක් තමයි මම ප්‍රාර්ථනා කරන්නෙ. මේ වෙද්දි නම් මට එහෙම අවංක ආදරයක් හම්බවෙලා තියෙන්නෙ. ආදරය කරනකොට විරහ වේදනාව විඳින්න ලැබීම සාමාන්‍ය දෙයක්ද? ආදරය කරනකොට හිත් රිදීම්, සම්බන්ධතා බිඳවැටීම් වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ආදරය කරනවා නම් විරහව විඳින්නත් හුරුවෙන්න ඕන. හරියට බැලුවොත් විරහව කියන්නෙත් ආදරයේම කොටසක්. ආදරේදි මමත් ඒ වගේ විරහ වේදනාවල් විඳලා තියනවා. ආදරයේදි රාගය තියෙන්නෙ ඕන කියලා ඔබ හිතනවද? මම හිතන්නෙ ආදරය කරනකොට කායිකව රාගය විඳින්න ඕන කියලා. දෙදෙනා තුළ තියන හැඟීම් දැනීම් අඳුරගෙන ශක්තිමත් විදිහට ආදර සම්බන්ධතාව වර්ධනය කරගන්න පුළුවන් වෙන්නෙ මානසිකව වගේම කායිකවත් එකතු වුණාම කියලයි මම හිතන්නෙ. No photo description available. ඔබේ සැබෑ ජීවිතය රන්දිගේ චරිතය හා සමානයිද? මම රන්දිට වඩා ගොඩක් වෙනස්. මම සරල අහිංසක චරිතයක් නෙවෙයි. ටිකක් කටකාර ගෑනු ළමයෙක්. කා එක්කත් හිනාවෙලා විහිළුකරලා සතුටින් ඉන්න කැමැති කෙනෙක් මම ඔබේ ලස්සන පවත්වාගෙන යන්න මොනවද කරන්නෙ? මම නැටුම් ගුරුවරියක් නිසා අමුතුවෙන් ව්‍යායාම කරලා මගේ ඇඟ හදාගන්න දෙයක් නැහැ. නිතරම නැටුම් පුහුණුවෙන නිසා රිද්මයකට මගේ ඇඟ හැදිලා තියනවා. ටී.වී දෙරණ නාළිකාව නිර්මාණය කරන ආදරය තේමා කරගත්තු ටෙලි නාට්‍යයක ප්‍රධාන නිළිය වීම ගැන ඔබට මොකද හිතන්නෙ? ඇත්තටම ගොඩක් සතුටුයි. මම මුලින් හිතාගෙන හිටියෙ සුළු චරිතයකින් රංගන ක්ෂේත්‍රයට ඇවිත් ගමනක් ආරම්භ කරන්න. නමුත් මගේ රංගන හැකියාව විශ්වාස කරලා සැලෙනා නුවන් ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය මට ලබාදීම ගැන ටී.වී දෙරණ ආයතනයටත් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක මහතාටත් ස්තුතිවන්ත වෙනවා. ලක්ෂාන් ජයසූරිය May be a closeup of one or more people and outdoorsNo photo description available.No photo description available.No photo description available.No photo description available.
 

More News..