brand logo

ආණ්ඩු පක්ෂයේ සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් අද රැස්වෙයි

02 January 2020

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (02) පෙරවරු රැස්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 11.00ට මෙම රැස්වීමට පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභානායකවරයා තෝරා ගැනීමට ද නියමිතයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්විම ද අද (02) පැවැත්විමට නියමිතව තිබේ. එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කළේ අද පස්වරු 3.00ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිත යි.
 

More News..