brand logo

ආණ්ඩුව EPF ගැන අලුතින් හිතයි

05 October 2021

අර්ථසාධකේ ගැන ගන්න යන අලුත්ම තීන්දුව මෙන්න

සේවක අර්ථසාධක අරමුදලට ලියාපදිංචි කිරීමේ කටයුතු නවීන තාක්ෂණය භාවිතයෙන් සිදු කිරීමට සහ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් ගිණුම් ගතවීම කෙටි පණිවුඩ සේවාව ඔස්සේ (SMS)ලබාදීමට හැකිවන පරිදි නියෝගයක් ලබා දීමට අවශ්‍ය සංශෝධන සිදුකරමින් සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත එළඹෙන 07 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ පෙර කී නියෝගය එදිනම පාර්ලිමේන්තුවට ඉදරිපත් කිරීමටත් කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය පළවී තිබේ. මීට අමතරව විශේෂයෙන්ම ඉන්දියාවේ සේවය කරන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ට වයස අවුරුදු 58 ඉක්මවීමට පෙර සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය දැක්වූ මුදල් ලබාගැනීමට හැකිවන පරිදි අවශ්‍ය සංශෝධන සිදු කර ඇත. ඉන්දියාවෙහි සේවයේ නියුක්ත ශ්‍රී ලාංකිකයින් එරට නීතිමය ප්‍රතිපාදන අනුව අනිවාර්යයෙන්ම ඉන්දියානු සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය දැක්විය යුතුය. එසේ වුවත් ඔවුන් එරට සේවය නිමවා ආපසු පැමිණීමේදී සමාජ ආරක්ෂණ අරමුදලට දක්වන ලද දායක මුදල් ලබාගැනීමට නම් වයස අවුරුදු 58ක් සම්පූර්ණ වන තෙක් සිටිය යුතුය. එහෙත් ලංකාවේ සේවය කරන ඉන්දියානු සේවකයින්ට ඔවුන් නැවත තම මව් රටට යන විට සමාජ ආරක්ෂණ අරමුදල යටතේ ඇති මුදල් ගැනීමේ හැකියාව පවතී. ඒ සඳහා වයස් සීමාව ද අදාළ නොවේ. මෙම කාරක සභාවට රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, ගෙවිඳු කුමාරතුංග ද සහභාගීවී තිබේ.
 

More News..