brand logo

ආණ්ඩුව සමූපකාර ඡන්දත් කල් දමයි - අධ්‍යක්ෂක මණ්ඩලවලට ශ්‍රීලනිප ආසන සංවිධායකවරු

09 July 2019

බස්නාහිර පළාතේ සමූපකාර අධ්‍යක්ෂක මණ්ඩලය නිළවරණයත් ආණ්ඩුව විසින් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. බස්නාහිර පළාතේ පලාත් ආණ්ඩුකාර මුසාමිල් මහතා මෙම නිළවරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුවය. සමූපකාර අධ්‍යක්ෂක මණ්ඩල නිළ කාලය අවසන් වීමෙන් පසුව ඊට අදාල ඡන්ද විමසීම සදහා ආණ්ඩුකාරවරයා දින නියම කර සමූපකාර කොමසාරිස්වරයා හරහා ප්‍රකාශයටද පත් කර තිබේ. එහෙත් හදිසියේම එම ඡන්ද විමසීම අවලංගු කෙරිණි. අධ්‍යක්ෂක මණ්ඩල නිළවරණය පැවැත්වූවොත් තම පකෂය පරාජයට පත්වන බව ලසන්ත අලගියවන්න හිටපු නියෝජ්‍ය ඇමතිවරයා ජනාධිපතිවරයාට පෙන්වාදීමෙන් පසු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පලාත් ආණ්ඩුකාරවරයාට උපදෙස් ලබා දී ඇතැයි පැවසේ. සමූපකාර අධ්‍යක්ෂක මණ්ඩල ඡන්දය දින නියමයක් නොමැතිව කල් දැමීමෙන් පසුව අදාල සමූපකාර සමිති වල සභාපතිධූර සදහා ශ්‍රීලනිප ආසන සංවිධායකවරු පත් කිරීමට සැලසුම්කර ඇති බවද වාර්තා වේ. බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස ගම්පහ ශ්‍රීලනිප සංවිධායක අජිත් මානප්පෙරුම මහතා පසුගිය දා පත් කෙරුවේද ජනාධිපතිවරයාගේ මැදිහත්වීම යටතේය. ඔහු විවිධ චොදනා වලට ලක්වූ අයෙකි. එමෙන්ම බස්නාහිර පළාත් මාර්ගස්ථ මාර්ග ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ කටාන ශ්‍රීලනිපෙ සංවිධායක ලලිත් වනිගරත් මහතාගේ පුත් නුවන් වනිගරත්නය. ඔහු මීට පෙරද මෙම තනතුර දරා ඇති අතර එම තනතුර දරණ කාලයේ කප්පම් ගැනීම සම්බන්ධයෙන් බස් හිමියන්ගේ චෝදනාවලටද ලක් වූවෙකි.
 

More News..