brand logo

ආණ්ඩුව මෙහෙයවීමේ යාන්ත‍්‍රණය සුමන්තිරන් - ශෙහාන් සේමසිංහ

17 January 2019

19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අගමැති ඇතුලූව තිස් දෙනෙක්ට සිමා වෙලා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසිය. කැබිනට් මණ්ඩලය තීන්දු තීරණ ගන්නා විට සුමන්තිරන් මන්තී‍්‍රවරයා ඇතුලූ කණ්ඩායම සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අවසරය ඇතිව එම තීන්දු ගැනීම සිදු කළ යුතු බව සුමන්තිරන් මන්තී‍්‍රවරයා ඇතුලූ කණ්ඩායම පවසන බවත් සුමන්තිරන් මන්තී‍්‍රවරයා මේ ආණ්ඩුව මෙහෙයවීමේ යාන්ත‍්‍රණය වී සිටින බවත් ඔහු අදහස් දක්වමින් සඳහන් කළේය. මේ රට මෙහෙයවන්නේ නීත්‍යාණුකූලව පත්කරන කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු තිස්දෙනාද එසේත් නැත්නම් ඒ කැබිනට් මණ්ඩලයටත් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ඉහළින් සිටින සුමන්දිරන් මන්තී‍්‍රවරයා ඇතුලූ කණ්ඩායමද යනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඇසීමට සිදු වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා පැවසීය. එමෙන්ම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශෙහාන් සේමසිංහ මහත සනහන් කර සිටියේ ''එජාපය සුමන්දිරන් මන්තී‍්‍රවරයාට යටවෙලා ඉන්නේ. ඕනම වෙලාවක මේ ආණ්ඩුව වට්ටන්න පුලූවන් කියලා සුමන්දිරන් මන්තී‍්‍රවරයා කියනවා. අපි මේ තරම් කාලයක් කිව්වේ ඒ දේ තමයි. එදා එල්. ටී. ටී. ඊ. සංවිධානය හොදයි කියලා ඒ වෙනුවෙන් සෘජුව පෙනී හිටපු සමහර දෙමළ සන්ධානයේ මන්තී‍්‍රවරුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරමින් පැවතීම කණගාටුදායක තත්ත්වයක්. මේ හදුන්වාදෙන ව්‍යවස්ථාවත් සුමන්දිරම් මන්තී‍්‍රවරයා විසින් සකස්කළ දෙයක්. ඔහුට මෙය කෙටුම්පතක්ද ව්‍යවස්ථාවක්ද කියන කාරණය අදාල වුනේ නැහැ. එල්. ටී. ටී. ඊ. සංවිධානය විශ්වාස කරපු උතුරු සහ නැගෙනහිර ජනතාව නොයිල්ලපු ව්‍යවස්ථාවක් ගේන්නයි මේ කටයුතු කර තිබෙන්නේ. ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එජාපය ඕනෑ කැපකරීමක් කරන්න සූදානම්. එජාපයේ පසුපෙල මන්තී‍්‍රවරුන් අහන්නේ ආන්දෝලානාත්මක පරිසරයක ඇයි මෙවැනි ව්‍යවස්ථාවක් ගෙනාවේ කියලා. අපිත් අහන්නේ ඒ ප‍්‍රශ්නයමයි. තුනෙන් දෙකේ බලයකුත් නැත්නම් ඒ සඳහා ජනමත විචාරණයකුත් අවශ්‍යය නම් මෙය ගෙන ඒම සම්බන්ධයෙන් අපිට බලවත් සැකයක් තියෙනවා. රනිල් වික‍්‍රමසිංහ කියන්නේ කියන දේට විරුද්ධ දේ කරන, කරන දේට විරුද්ධ දේ කරන කෙනෙක්. මේ ආණ්ඩුව සම්බන්ධයෙන් අපිට කිසිදු විශ්වාසයක් නැහැ. එක පුද්ගලයෙක් මත රටේ සියලූ ජනතාවට බලපාන තීන්දු තීරණ ගැනීමක් සිද්ධවන බවය.
 

More News..