brand logo

ආණ්ඩුව බේරා ගැනීමේ ජවිපෙ කුමන්ත‍්‍රණය හෙලිවෙයි

12 July 2019

2015 දී අසත්‍ය සමාජගත කරමින් යහපාලනය ගෙනවිත් රට විනාශ කිරීමට මුල් වූ කණ්ඩායම් නැවත ජනතාව රැවටීම සදහා එකතු වෙමින් සිටින බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙයි. අද පෙරවරුවේ කොලඹ නෙඵම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්්‍යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා ස`දහන් කලේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය වීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ද විපක්ෂයට ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බවයි. ජනතා විමුක්ති පෙරමුණ මෙම විශ්වාස භංග යෝජනාව ගෙන ආවේ රිෂාඞ් බ¥ර්දීන් අමාත්‍ය වරයාට එරෙහි විශ්වාසභංගය හමුවේ අසරණ වූ ආණ්ඩුව බේරා ගැනීමට බව සිහිපත් කල මන්ත‍්‍රී වරයා මෙම විශ්වාස භංගය ජයග‍්‍රහණය කිරීම ස`දහා දෙමළ ජාතික සංධානය සහ ආණ්ඩුවේ කතෝලික මන්ත‍්‍රීවරුන් සමග සාකච්චාකිරීමට ක‍්‍රීයා නොකලේ ආණ්ඩුව රැකගැනීමේ යටි අරමුනෙන් දැයි සැකයක් මතුවෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය. පාස්කු ප‍්‍රහාරයත් සමග හදිසි නීතිය ගෙන ඒමට පාර්ලිමේන්තුවේදී ඡුන්දය භාවිතා කල ආණ්ඩුවේ මන්ත‍්‍රී වරුන්ට පාස්කු ප‍්‍රහාරය පිලිබ`ද වගකීම රජය භාරගතයුතු බවට ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡුන්දය භාවිතා කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා සදහන් කලේය. මීට අමතරව විශ්වාසභංගයේදී ආණ්ඩුවට සහය දුන් දෙමළ පක්ෂ සංධානය සැබැවින්ම උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන්නේද යන්න පිලිබ`දව ප‍්‍රශ්නයක් පැන නගින බවත් වත්මන් ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න විස`දීම වෙනුවට දෙමළ සංධානයේ මන්තී‍්‍රවරුන්ට වරදාන වරප‍්‍රසාද ලබා දෙමින් සිටින බවත් ඒ මහතා ස`දහන් කලේය. මෙම කරුනු සැලකිල්ලට ගත් විට පෙනීයන්නේ 2015 දී ජනතාව රවටමින් යහපාලන රජය බලයට ගෙන ඒමට ඒකරාශි වු පිරිස් සිය පොරොන්දු ඉටු කිරීමට අපොහොසත්ව තිබියදී පවා නැවත බලයට පැමිනීම ස`දහා උපක‍්‍රමශිලී වන බව යැයි කනක හේරත් මහතා ස`දහන් කලේය.
 

More News..