brand logo

ආණ්ඩුව කළ දවස් 50 තුළ ජනතාවට සහන රැසක් දුන් බව මහින්ද කියයි

04 January 2019

නව වර්ෂය උදාවීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රථම වරට නෙලූම්මාවතේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික කාර්යාලයට අද පැමිණියේය. කෝට්ටේ ශී‍්‍ර පැරකුම්බා පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය තලගල විමල නාහිමි, මොරටුව එගොඩ උයන ශී‍්‍ර බෝධීරාජාරාමාධිකාරී ශාස්ත‍්‍රපති පූජ්‍ය එගොඩඋයන ඤාණවිමල හිමි ඇතුලූ හමිවරුන් මේ අවස්ථාවට එක්ව ආගමික වතාවත් පැවැත්වීය. කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් මහතාද මේ අවස්ථාවට එක්වූ අතර මහින්ද රාජපක්ෂ මහතා සහ ලූෂන් පුෂ්පරාජ් මහතා අතර සාකජ්චා පැවැත්විනි. තායිලන්තයේ පැවැති 10 වැනි ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ කිලෝග්‍රෑම්100 බර පන්තියේ ශූරතාව දිනා පැමිණි ලූෂණ් පුෂ්පරාජ් මහතා එම අත්දැකීම් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා සමඟ දීර්ඝව සාකජ්චා කළේය.. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය. ''මේ වර්ෂය මැතිවරණ වර්ෂයක්. අපි ආණ්ඩුව භාරගැනීම හොදයි කියන කට්ට්යත්, හොද නැහැ කියන කට්ටියත් ඉන්නවා. අපි අවුරුදු එකහමාරක් හිටියා නම් රටේ මොනවාද ඉතිරි වෙන්නේ. ගුවන් තොටුපල වරාය බංකු වගේ රටේ සම්පත් විකුණුවා. ඒ වගේම තවත් දේවල් විකුණන්න සූදානම් කරලා තිබුනේ. ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න සූදානමක් තිබුණා. ශී‍්‍රලනීපයත් ඒ අය එක්ක හවුලක හිටිය නිසා තුනෙන් දෙකක බලයක් ආණ්ඩුවට තිබුණා. දැන් ශී‍්‍රලනීපය ආණ්ඩුවෙන් එළියට ඇවිත් තියෙන එක අපි හැමෝගෙම ජයග‍්‍රහණයක්. අපි ආණ්ඩුව කරපු දවස් පනහේ කෙටි කාලය තුළ සහන රැසක් දුන්නා. විශාල වශයෙන් බදු ඉවත් කළා. ජනතාව පීඩනයට පත්වෙලා හිටපු එකෙන් මුදවා ගන්න අපිට පුලූවන් වුනා. අද රනිල් වික‍්‍රමසිංහ බොරු කියනවා. අපි බිලයන 8ක් වියදම් කරලාලූ. එහෙම වියදම් කරන්න තියා බිලියනයක්වත් මුදල් තිබුනේ නැහැ. අපි ජනතාවට බදු සහන දුන්න එක ඇත්ත. පොහොර සහනාධාරය දුන්නේ මේක කෘෂිකාර්මික රටක් නිසයි. අපිට ස්වයංපෝෂිත ආර්ථිකයක් හදන්නයි අවශ්‍ය වුනේ. තිබුණු ආණ්ඩුව ජනතාවට තෙල් අඩු මිලට දුන්නේ නැහැ. අපි මිල අඩු කරපු නිසා මේ අයත් දැන් මිල අඩු කරන්න පටන් ගත්තා. ජනතාවට බොරු කියලා තමන්ගේ මල්ල තර කර ගන්න හදන්න එපා කියලා අපි ආන්ඩුවට කියනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට මාධ්‍යයේ නම් කියමින් පාර්ලිමේන්තුවේදී පහර ගහනවා. අද එක් එක් මාධ්‍ය ආයතනවල පලිගැනීම් අරඹලා. තෝරා ගත් ආයතනවලට රජයේ දැන්වීම් දීම නතර කරලා. තමන්ට ඕන ප‍්‍රවෘත්ති විතරක් පලකරන තත්ත්වයක් හදා ගන්නයි මේ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි ඊට වඩා ශක්තිමත්ව මොවුන්ගේ මර්ධනයට එරෙහිව නිවෙස්වලට ගිහින් හරි ජනතාව දැනුම්වත් කරනවා. නව වසර සුබ නව වසරක් වේවා යි ප‍්‍රාර්ථනා කරනවා.'' යනුවෙනි.
 

More News..