brand logo

රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදුහල්පතිවරයෙක්ට තර්ජන කරයි

18 February 2020

ගාල්ල බද්දේගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම ඊයේ (17) පැවැති අතර, එහිදී දරුවෙකු 1 ශ්‍රේණියට ඇතුළත් නොකර ගැනීම සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් ඇති විය. අදාළ දරුවා වඳුරඹ මහා විද්‍යාලයට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයකදී මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ නිශාන්ත මුතුහෙට්ටිගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් අදහස් පළ කළේය. මෙහිදී එම විදුහලේ විදුහල්පතිවරයා කියා සිටියේ අදාළ දරුවා ඇතුළත් කර ගැනීමට ඔප්පුව වසර 5ක් පැරණි නොමැති බවත්, මේ හේතුවෙන් ලකුණු ලබාදිය නොහැකි බවයි. එමෙන්ම තමන් චක්‍රලේඛ වලට පිටින් කිසිදු කාර්යයක් සිදුනොකරන බව ද විදුහල්පතිවරයා කියාසිටියේය. එම සංවාදය ඇති වූ ආකාරය පහතින් වේ...... වඳුරඹ මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා - රජයේ නිලධාරියෙක් හැටියට මම මේකට උත්තර කියන්න ඔ්නේ. මම අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කළ චක්‍ර ලේඛයට පරිබාහිරව කිසිම ළමයෙක් අරගෙන නෑ. එයාගේ ඔප්පුව වසර 5ක් පරණ නෑ, ඒක පත්තිරුවෙන් ප්‍රකාශ වෙනවා. ඔප්පුවෙනුත් ප්‍රකාශ වෙනවා. ඒකට මට ලකුණු දෙන්න බැහැ. මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා - - චක්‍රලේඛ මොනවද, ඔය පොඩි එකාව ගන්න. මම හිතන්නේ ඔය දරුවා ගත්තාට ඔබතුමාට කවුරුවත් ප්‍රශ්න අහන්න එන්නේ නැහැනේ. මම මේ කියන්නේ සාමාන්‍යයෙන් වැඩ කරන්න ඔ්න විදිහ. ඔ්ක ඔබතුමාව අරගෙන කවුරුවත් උසාවි යන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම - විදුහල්පතිතුමා ඔබතුමා මේ වගේ තැන්වල අපහසුතාවයට පත්වෙන්නේ නැතුව, හෘද සාක්ෂියට එකගව හුවේ දුර නම් දරුවා ඉන්නේ ක්‍රමවේදයක් හදලා ගන්න. මම නම් වඳුරඹ මහා විද්‍යාලයට එකම දරුවෙක්වත් දැම්මේ නෑ, හැබැයි ගාල්ල මහින්ද විද්‍යාලයට ළමයි 4ක් 5ක් දාගත්තා. මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා - ඔබතුමා දරුවාගත්තා කියලා ඔබතුමාගේ රස්සාව නැති වෙන්නේ නැහැ. එම අවස්ථාවේදී වෙනත් විදුහල්පතිතුමියක් විසින් යම්කිසි දෙයක් ප්‍රකාශ කරන අවස්ථාවේදී ඇයට ද ඔහු මෙලෙස කීය.... මේ විදුහල්පතිතුමිය ඔබතුමියට අපිට උපදෙස් දෙන්න එන්න එපා. ඔබතුමිය ගැනත් අපි දන්නවා. කරුණාකරලා අපි හදේ ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. ඔබතුමියටත් අපි පැහැදිලිව කියන්නේ ඔ්නේ ඒක. ඔය පොඩි එකා ගත්තට ඔබතුමාට හිරේ යන්න වෙන්නේ නැහැ. තේරුනැයි. ඒක තේරුම් ගන්න ඔ්නේ. මොකටැයි අපි. ඔබතුමාගේ මතේ නෙමේ, ඔබතුමා ළමයව ගන්න ඔ්නේ. නැත්නම් අපි ඔය ඔක්කොම පාර්ලිමේන්තුවේ කතාකරනවා. අපි ළග විස්තර ඔක්කොම තියෙනවා. කරුණාකරලා ඔබතුමියලා අනවශ්‍ය දේවල් කරන්න ලෑස්ති වෙන්න එපා. අපි දන්නවා හැමෝගෙම කෙරුවාවල් මොනවද කියන එක. ඔ්වට ලෑස්ති වෙන්න එපා.
 

More News..