brand logo

ආණ්ඩුවේ නීතිය නැවීම ගැන හෙළිදරව් කළ සුහද ගෙදර යවනවා - ඇමති තලතා

01 October 2019

හිටපු සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති ධූරයෙන් අද වන විට ඉල්ලා අස් නොවුනොත් තමන් ඔහු සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තලතා අතුකෝරළ අද (01) ප්‍රකාශ කළාය. මුදල් ඇමැති මංගල සමරවීරගේ කොළඹ පිහිටි නිල නිවසේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවේදී අධිකරණ අමාත්‍යවරිය මේ බව සදහන් කළාය. ගෝඨාභයට නඩු දාන්න රජය බලපෑම් කළ ආකාරය යන ශීර්ෂය යටතේ පසුගිය සති අග අරුණ පුවත්පතට සුහද ගම්ලත් විසින් සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කළ හෙළිදරව්ව පිළිබදව මාධ්‍යවේදියෙක් ඇමැතිවරියගෙන් විමසූ අවස්ථාවේදී ඇය මෙසේ කීවාය. https://youtu.be/I45SqIx-dMM
 

More News..