brand logo

ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය ගැන ගෝඨාභය කියයි

14 October 2018

ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය අද වන විට සෑම ක්ෂේත්‍රයකින්ම පෙන්නුම් කෙරෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද (14) පස්වරුවේ මාතර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ගෞරව නාම සහිත සංඝනායක පදවි පිරිනැමීම වෙනුවෙන්  සංවිධාන කළ උත්සවයක් මාතර කඹුරුපිටිය ඌරාපොල ශ්‍රී රතනජෝති පිරිවෙන් විහාරස්ථානයේදී අද පස්වරුවේ පැවැත් විය. උත්සවයට සහබාගි වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉන් පසුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නේය.
 

More News..