brand logo

ආණ්ඩුවෙ හා ජවිපෙ විවාහය විස්වාසභංගයෙන් පස්සේ සදාචාරාත්මකව අවලංගුයි

11 July 2019

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණට මින් ඉදිරියට ආණ්ඩුවේ කිසිදු ක‍්‍රියාවකට සහයෝගය දීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. 2015 සිදුකල ආකාරයෙන් ඉදිරියේදී ආණ්ඩුවේ අපේක්ෂකයෙකුට අනියමින් හෝ සහය පල කිරීමට ජනතා විමුක්ති පෙරමුණට මින් ඉදිරියට නොහැකි වන බව අද පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාංචන විජේරත්න මහතා මේ බව සඳහන් කලේය. පසුගිය වසර හතරහමාරක කාලය තුල ආණ්ඩුව රැකගැනීමට උරදුන් සෑම පාර්ශවයක්ම ආණ්ඩුවට එරෙහි මාවතකට ගෙනඒමට හැකිවීම පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණයක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. ආණ්ඩුව අපහසුතාවයන්ට පත්වූ සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට සහය වූ අතර දින පනස් දෙකේ මහින්ද රාජපක්ෂ රජය කාලය තුල ඔවුන්ගේ හැසිරීම ඊට හොදම උදාහරණයක් බව මෙම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම මහතා පෙන්වා දුන්නේය.  
 

More News..