brand logo

ආණ්ඩුවට විරුද්ධව උතුරේ හර්තාල්

28 September 2020

උතුරේ දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරමින් වත්මන් රජය කටයුතු කිරීමට විරෝධය පාමින් අද (28) උදෑසන සිට උතුරු පලාතේ හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. පසුගියදා හිටපු කොටි නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමත්තාගේ ගුණ සැමරුම සැමරීමට නොදී අධිකරණ තහනම් නියෝගයක් ගැනීමත් සමග උතුරේ ස්ථාන කිහිපයකින් දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධානයන්හි විරෝධතාවන් සංවිධානය කොට තිබුණි. මිය ගිය වැසියන් සිහිකිරීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති බවත් වත්මන් බලධාරීන් විසින් දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරමින් දෙමළ ජනතාව පීඩාවට පත් කිරීමේ උත්සහයක නිරත වන බව පවසමින් අද දිනයේ හර්තාලයක් ක්‍රියාත්මක කොට තිබුණි. යාපනය දිස්ත්‍රීක්කයේ ආපනශාලා සහ ඖෂධහල් පමණක් විවෘත්තව තිබෙන අතර අනෙක් සියලුම වෙළඳසැල් වසාදමා ඇත. සියලුම පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්ව හර්තාලයට සහය ලබා දෙන අතර ලංගම බස් පමණක් ධාවනය කෙරෙනු ඇත.  
 

More News..