brand logo

ආණ්ඩුවටත් කබ්රාල් අවිශ්වාසද?

21 October 2021

කබ්රාල්ගේ සහන පැකේජය ආණ්ඩුව ගණන් නොගනී

අජිත් නිවාඩ් කබ්රාල් මහාබැංකුවේ අධිපතිධුරයට පත් වීම සම්බන්ධයෙන් විපක්ෂයේ තිබුණේ සුබවාදී ආකල්පයක් නොවේ. මේ නිසාම පසුගිය කාලය පුරාවට ඔහුට විපක්ෂයෙන් විවිධ චෝදනා මෙන්ම යෝජනාද එල්ලවිය. විශේෂයෙන්ම එම චෝදනා බොහෝමයක තිබුණේ නිවාඩ් කබ්රාල්ගේ විශ්වසනීයත්වය පිළිබඳ ඇති සැකය‍. විපක්ෂයට නිවාඩ් කබ්රාල් පිළිබඳ ඇති අවිශ්වාසයම ආණ්ඩුවටද ඇතිවී ඇතිද?

නිවාඩ් කබ්රාල් විසින් විසින් මීට මාසයකට පමණ ඉහතදී විකල්ප මුදල් අමාත්‍යවරයකු ලෙස ආර්ථිකය ඉහළ නැංවීම සදහා සහන පැකේජයක් හදුන්වා දුන්නේය. විශාල ප්‍රචාරයක් ලබා දෙමින් රටට ඉදිරිපත් කළ මෙම මාස 6ක සහන පැකේජය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් මෙවැනි ආර්ථික සහන පැකේජ මුදල් අමාත්‍යංශය විසින් හදුන්වා දෙන නමුත් අජිත් නිවාඩ් කබ්රාල් විසින් කඩිමුඩියේ එවැනි පැකේජයක් රටට ඉදිරිපත් කළද මෙතෙක් ඊට මුදල් අමාත්‍යංශ අනුමැතිය හිමිව නැති බව අරංචි මාර්ග වැඩි දුරටත් සඳහාන් කරයි. අරුණ- පොලිටික්ස්
 

More News..