brand logo

ආණ්ඩුකාරවරුන් 03දෙනෙකු ජනපති ඉදිරියේ දිව්රුම් දෙයි

07 January 2019

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර පළාත් 03ක් සඳහා නව ආණ්ඩුකාරවරුන් 03 දෙනෙකු දිව්රුම් දී තිබේ. ඒ අනුව ඌව පළාත - කිර්ති තෙන්නකෝන්, සබරගමුව පළාත - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක හා උතුරු පළාත - සුරේන් රාගවන් යන මහත්වරුන් ආණ්ඩුකාරවරුන් ලෙස පත්වීම් ලබා ගෙන ඇත. පසුගියදා පළාත් 05ක් සඳහා බස්නාහිර, මධ්‍යම, උතුරු මැද , වයඹ , නැගෙනහිර පළාත් සඳහා ආණ්ඩුකාරවරුන් ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
 

More News..