brand logo

ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනපති ඉදිරියේ දිව්රුම් දෙයි

05 August 2019

පළාත් තුනක් සඳහා අද(05) උදෑසන නැවත වරක් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු පත් කර ඇත. ඒ අනුව මධ්‍යම හා දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වු මෛත්‍රී ගුණරත්න මහතාට, කීර්ති තෙන්නකෝන් මහතා හා හේමාල් ගුණසේකර මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත. ඒ අනුව නව දිවුරුම් දීමෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කීර්ති තෙන්නකෝන් මහතා ද, ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් මෛත්‍රී ගුණරත්න මහතා සහ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් හේමාල් ගුණසේකර මහතාද පත් කර ඇත. කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ(04) දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්ව සිටියද ජනාධිපතිවරයා වෙත ලිපියක් බාර දෙමින් සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ද සිය ධුරයෙන් පෙරේදා(03) ඉල්ලා අස්විය.
 

More News..