brand logo

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

24 June 2020

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එහි සභාපති හා අටවන පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවැත්වීමට නියමිතව තිබේ. අද පස්වරු 6.00ට කථානායක නිල නිවසේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි. එහි ලේකම් හා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සදහන් කළේ එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් සහභාගි වීමට නියමිත බවයි. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පුරප්පාඩුව පවතින සාමාජිකයන් දෙදෙනා සදහා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒවා ඇති නාමයෝජනා සාකච්ඡාවට ලක් කිරීමට නියමිතව තිබේ.
 

More News..