brand logo

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම ජනවාරි 23 වනදා

20 January 2020

පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් ජනවාරි මස 23 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීමට නියමිතයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස් කොමිසම, අල්ලස් කොමිෂන් සභාව සහ මැතිවරණ කොමිෂන් සභාව වැනි ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ වගකීම පැවරී ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව වෙතයි. මේ අතර පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීම සඳහා කථානායක කරූ ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට (21) ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. එම මන්ත්‍රීවරුන්ගේ නම් පහත පළවන අතර එහි පළමු රැස්වීම හෙට පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතය. චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන,ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද ,මහින්ද සමරසිංහ,ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, රෝහිත අබේගුණවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග,විජිත හේරත්, රිෂාඩ් බදියුදීන්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, නිරෝෂන් පෙරේරා, මාවෛයෙන් සේනාධිරාජා යන මහත්වරු මෙම තේරීම් කාරක සභාවට අයත් වෙති.
 

More News..