brand logo

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි

12 December 2019

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පෙරවරුවේ එහි සභාපති කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නිර්මාණය කළ 10දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කථානායකවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් පත් වන අතර අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දී ඇති බැවින් ඔහුට අද රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සහභාගි විය හැකි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂය විපක්ෂ නායක ලෙස නම් කර ඇති සජිත් ප්‍රේමදාස මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම සඳහා දැනුම්දීමක් කර නොමැත ඒ ඔහු නිල වශයෙන් විපක්‍ෂ නායකවරයා ලෙස පාර්ලිමේන්තුව රැස්වී මෙතෙක් ප‍්‍රකාශයට පත් වී නොතිබීම නිසාය.
 

More News..