brand logo

ආණමඩුව ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දමයි

22 January 2021

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු ඇසුරු කළ නිලධාරියෙකු හේතුවෙන් ආණමඩුව ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දමා තිබේ. එහි සභාපති ප්‍රියන්ත රාජකරුණා මහතා පැවසුවේ එම නිලධාරියා අද (22) සේවය පැමිණීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. අදාළ නිලධාරියා මිතුරෙකු රෝහල් ගත කිරීමට රැගෙන ගොස් ඇති අතර, එම අවස්ථාවේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී එම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබේ. එම ආසාදිතයා සමග සෘජු සම්බන්ධතා පවත්වා තිබීම හේතුවෙන් ආණමඩුව ප්‍රා‌දේශීය සභාව සම්පූර්ණයෙන් විෂබීජහරණය කිරීමට ද පියවර ගෙන ඇත. ලබන 25 වැනි සදුදා යළි ආණ්මඩුව ප්‍රාදේශීය සභාව විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
 

More News..