brand logo

ආඩියාගලහින්න රක්ෂිතයත් වනසයි

26 September 2020

ත‍්‍රිකුණාමල මොරවැව ප්‍රදේශයේ පිහිටි ආඩියාගල රක්ෂිතයේ අක්කර 30 ක පමණ ප්‍රමාණයක් එළි පෙහෙළි කර තිබේ. සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් තැනින් තැන මෙම වන විනාශය සිදු කර ඇති බව ප්‍රදේශවාසීන් පවසයි. ආඩියාගලහින්නට අයත් හෙක්ටයාර් 3055 ක් 2012 සැප්තැම්බර් 12 දිනැති අංක 1784/10 දරණ ගැසට් නිවේදනය මගින් ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කර තිබියදී මෙම කටයුතු කර තිබේ. සංවිධානාත්මක පිරිස් පිට ප්‍රදේශවලින් පැමිණ කුලියට පිරිස් ගෙන්වා ගස් කපා එලි පෙහෙලි කරන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිසා අඩවි වන නිලධාරින් පවසයි.
 

More News..