brand logo

ආචාර්ය කේ.ඒ.එස්. කීරගල ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව සභාපති ලෙස පත් කෙරේ

30 November 2018

ආචාර්ය කේ. ඒ. එස්. කීරගල මහතා ඊයේ දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ලෙස පත්කර තිබෙනවා. රාජ්‍ය සේවයේ පිලිගත් වෘත්තිකයෙකු හා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ආචාර්ය කේ. ඒ. එස්. කීරගල මහතා මෙරට රාජ්‍ය සේවයේ හා පරිපාලන සේවයේ වසර 33ක පළපුරුද්දක් හිමි අයෙකු වනවා. මෙම තනතුරට පත්වීමට ප්‍රථම ඔහු මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයේ ද කටයුතු කර තිබුණා. එමෙන්ම මීට ප්‍රථමයෙන් තරුණ කටයුතු, ව්‍යාපෘති කළමණාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය, යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය යන අමාත්‍යංශයන් හි අතිරේක ලේකම් තනතුරු හොබවා තිබෙනවා. එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණය පිළිබද විද්‍යාවේදි උපාධිය, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද පශ්චාත් උපාධිය, පේරාදෙණිය විශ්වා විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනපති උපාධිය, ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලි‌‌ෆෝනියාවේ ග්ලෝබල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබා ඇති කීරගල මහතා මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථික සංවර්ධනය පිළිබද පර්යේෂණ ආචාර්ය උපාධිය හදාරමින් සිටිනවා. මෙම පත් කිරීමත් සමගම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත්කර තිබෙනවා.
 

More News..