brand logo

ආච්චිගේ මුදල් පසුම්බිය කොල්ල කෑ මුණුපුරා මාට්ටු

02 October 2019

ඉඩමක් විකුණා ලබාගත් ලක්ෂ 10 ක මුදලක් කරාපිටිය ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ තැන්පත්කර එයින් ටික ටික අරගෙන ඉතිරිව තිබු රු: 190000/= ක් පමන මුදලක් 2019.10.01 වන දින ලබාගෙන නාරාවල ස.ණ.ස.බැංකුවේ තැන්පත් කිරිමට යාමේදි මුදල් පසුම්බිය කොල්ලකා පලාගොස් ඇති පුවතක් අක්මිමන පොලිස් බල ප්‍රදේශයෙන් වාර්ථා වේ. කරාපිටිය ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ තැන්පත් කර තිබු මදලින් කොටසක් ආපසු ලබාගෙන එය නරාවල ස.ණ.ස.බැංකුවේ තැන්පත් කිරිම සදහා ඊයේ (01) දින අක්මිමණ පොලිස් බල ප්‍රදේශයේ නරාවල බාස්වත්ත පදිංචි වයස අවු: 70 ක කාන්තාවක් මුදල් තම මුදල් පසුම්බියේ දමාගෙන ස.ණ.ස.බැංකුවට යනවාත් සමග ම බැංකුව අසලදි එවරම පැමිණි තරුනයෙකු ඇගේ මුදල් පසුම්බිය කොල්ල කා පලාගොස් ඇත. ⁣මෙම කාන්තාව මුදල් ලබා ගන්නා බව කල්වේලා ඇතිව දැනගත් ආච්චිගේ මුණුපුරා වන වයස අවුරුදු 23 වන තරුණයෙකු තම මිතුරෙකු සමග යතුරු පැදියකින් කරාපිටිය ඉතිරි කිරිමේ බැංකුව අසල සිට පසුපස හමාගොස් ස.ණ.ස බැංකුව අසලදි බැස සිය ආච්චි පිටුපසින් ගොස් එක වරම පසුම්බිය කොල්ලකා ඉහත යතුරු පැදියෙන් පලාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ පිලිබද අක්මිමන පොලිස් විශේෂ කාර්ය්‍යංශ උප ඒකකයේ ලක්මාල් යන නිලධාරියා විසින් අපරාධ අංශයෙ ස්ථානාධිපති අතුල රංජිත් මහතා ට ලබා දුන් තොරතුරක් මත සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඉතිරි සැකකරුද අත් අඩංගුවට ගැනිමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනිමට ඇත. අත් අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබි රු: 185610/= ක් සොයාගෙන ඇති අතර ඉතිරි මුදලින් සැකකරුවන් මත් කුඩු පානය කර ඇති බව හෙලිවි ඇත.
 

More News..