brand logo

ආගරපතන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරු උප සභාපතිව සභාපති කරයි

05 December 2018

ආගරපතන ප්‍රාදේශිය සභාවේ 2019 අයවැය සමාලෝචන කෙට්මුපත සාකච්ඡාවට ඊයේ (04) එම සභාවේ සභාපතිවරයා සහ පාලන පක්ෂය හොබවන ලංකා කම්කරු කොන්ග්‍රසයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් සභාවට නොපැමිණිම නිසා එම සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. 2019 වර්ෂය සදහා එම ප්‍රාදේශිය සභාවේ අයවැය සමාලෝචන කෙටුම්පත සාකච්ඡා කිරිම සදහා එම සභාවේ සභාපති එස්.කදිර්සෙල්වම් මහතා විසින් සියළුම මන්ත්‍රිවරුන්ට අද දින සභාපත පැමිණෙන ලෙස ලිඛිතව දැනුම් දි සභාපතිවරයා සහ පාලන පක්ෂයේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ මන්ත්‍රිවරුන් 6 දෙනෙක් සභාවට නොපැමිණි බවයි එම සභාවේ විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂය වි.සිවනාදන් කියා සිටියේ. සභාපතිවරයා නොපැමිණිම නිසා විපක්ෂයේ මන්ත්‍රිවරුන් 8 දෙනෙකු එක් වි යෝජනාවක් සම්මත කරගනිමින් එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ඩබ්ලිව්.ජි.ජයලත් විජේතුංග මහතාව (ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ) එම සභාවේ ස්ථිර සභාපතිවරයා වශයෙන් පත් කරගනිමින් එ සදහා වු අත්සන් සහිත ලිපියක් පලාත් පාලන කොමසාරිවරයා වෙත යොමු කිරිම සදහා එම සභාවේ ලේකම් සි.ජයප්‍රකාශ් මහතාට සභා රැස්විම් ශලාවේදි භාරදෙනු ලැබුවා. ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සභවේ අනුමැතියක් නොමැතිව සභාව සතු මුදල් අවභාවිතා කරන නිසා සභාපතිවරයා කෙරෙහි තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති නිසා 2019 අයවැය ඇස්තුමේන්තුව පරාජය කිරිමට කටයුතු කරන බවයි එම සභාවේ අද රැස්විමට පැමිණි විපක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් 8 දෙනෙකු කියා සිටියේ. මෙම ගැටළුව සම්බන්ධයෙන් අප එම ප්‍රාදේශිය සභාවේ සභාපති ලංකා කම්කරු කොන්ග්‍රසය එස්.කදිරවෙල් මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ ලංකා කම්කරු කොන්ග්‍රසය මගින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් අද දින සිට අඛන්ඩ වැඩ වර්ජනයකට වතු කම්කරුවන් එක් වි ඇති නිසා එහි සංවිධාන කටයුතු වලට තමන් ඇතුළු තම සභාවේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ මන්ත්‍රිවරුන් හය දෙනෙකු ආගරපතන ප්‍රදේශයේ සංවිධාන කටයුතු සිදු කල නිසා අද දින අයවැය කෙටුම්පත් සමාලෝචන රැස්විමට සහභාගි විමට නොහැකි වු බවයි. තම සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට තම සභාපති ධුරය නිතියානු කුලව ඉවත් කල නොහැකි බවද එම සභාවේ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියා. අලුතින් ස්ථාපනය කරන ලද ආගරපතන ප්‍රාදේශිය සභාව මන්ත්‍රිවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ලංකා කම්කරු කොන්ග්‍රසයට මන්ත්‍රිවරුන් 7 දෙනෙකු,එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රිවරුන් 6 දෙනෙකු ස්වාධිනව එක් මන්ත්‍රිවරයෙක් හා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් එක් මන්ත්‍රිවරයෙකු එම සභාවට තේරි පත් වි ඇත. හැටන් - රංජිත් රාජපක්ෂ
 

More News..