brand logo

ආගමික නායකයන් ගැන ප්‍රවේශමෙන් කතා කරන්න

24 June 2020

මැතිවරණ වේදිකාවේ අදහස් පළ කිරීමේදී පරස්පර විරෝධී අදහස් නොදක්වන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සියලු අපේක්ෂකයන්ට දැනුම් දී ඇත. සමගි ජන බලවේගයේ නායකයන් පෙරේදා (22 වැනිදා) රාත්‍රියේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව දැනුම් දී ඇත. එකම මතයක සිට ප්‍රකාශ නිකුත් කරන ලෙස ඔහු සියලු අපේක්ෂකයින්ට මෙහිදී දැනුම් දී තිබේ. හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැදිරිගිරියේදී කළ ප්‍රකාශයකින් කාදිනල් හිමිපාණන් දැඩි ලෙස විවේචනය කිරීම පිළිබඳවද සමගි ජන බලවේගයේ නායකයන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ඇතැම් අයගේ ප්‍රකාශ හේතුවෙන් ඡන්ද අහිමි වූ බව සජිත් ප්‍රේමදාස මෙහිදී පෙන්වා දී ඇත. ආගමික නායකයන් ඇතුළු සමාජයේ වැදගත් පුද්ගලයන් ඉලක්ක කර අදහස් පළ කිරීමේදී වඩාත් ප්‍රවේශම් වන ලෙසද පක්ෂ නායකත්වය මෙහිදී දැනුම් දී තිබේ.   උදයජීව ඒකනායක
 

More News..