brand logo

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩ වලට වේලාවක් වෙන කර ගන්න

21 October 2020

ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මෙන්ම මාතර, වව්නියා, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල සියලු සෞඛය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත සේවාලාභීන් පිරිසකට සේවව ලබා දීමට තීරණය කර තිබේ. සේවාව ලබා ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තු සියලු කාර්යාලවලට දිනයක් වෙන්කර පැමිණිය යුතු අතර දිනයක් වෙන්කර නොගෙන පැමිණෙන පුද්ගලයින්ට කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට අවසර ලබා නොදෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එසේම දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට මෙම අවස්ථාවේ දී කාර්යාලයන් වෙත පැමිණීමෙන් වළකින ලෙසත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එක් එක් සේවාවන් සඳහා දිනයන් වෙන්කර ගැනීමට සම්බන්ධ විය යුතු ආකාරය පහතින් දැක්වේ. ප්‍රාදේශීය කාර්යාල මඟින් ගමන් බලපත්‍ර ලබා ගැනීමට දින වෙන් කිරීම සඳහා, ඉහත සඳහන් සියලු සේවා ලබාදීම පවතින තත්ත්වය හමුවේ රජය විසින් වරින් වර ගනු ලබන ඇතැම් තීරණයන්ට අනුකූලව මෙම සේවාවන් ලබාදීම පිළිබඳ තීරණය සංශෝධනය විය හැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා සඳහන් කරයි.  
 

More News..